You are currently viewing කොමිටල් සභාවේ පළවෙනි එපිසෝඩ ය

කොමිටල් සභාවේ පළවෙනි එපිසෝඩ ය

“ට්‍රම්පච්චිට මොකෝ කරන්නේ”

අන්දරේට හදිසියේ රජවාසලට කැඳවීමක් ලබුණා. රජතුමා රාජ සභාව පවත්වන දිනයකම එන්න කියපු එක අන්දරේටත් ගැටළුවක් උනා.
” එකත් එකටම රාජ සභාවටත් විසඳගන්න බැරි අවුලක් ඇති” අන්දරේ ඔහොම හිත හිතා රාජ සභාවට ඇතුල් උනා.

අන්දරේ දැකපු ගමන් රජතුමාට මාර හිනාවක් පහල උනා.
” අදත් ඔබතුමා හිනස්සන විහිළුවක් කරන්නද කියන්නෙ?” අන්දරේ ඇහුවා.

“අද අපි ඔක්කොම තක්බීර් වෙලා ඉන්නෙ. අන්දරේගෙ ඔපීනියන් එක ගන්න එන්න කිව්වෙ”

” මොකක්ද අප්පේ ඔබ වහන්සෙට තියෙන පුරස්නේ”

” අන්දරේ දන්නව නේද ට්‍රම්පච්චි අපිට ලොකු බද්දක් ගහලා තියෙන එක.ඒකෙන් අපේ ඇඟලුම් කර්මාන්තෙ නන්නත්තාරයි. මේ අවනඩුව විසඳ ගන්න විදියක් අපි ඔක්කොම කට්ටිය කතා කර කර හිටියෙ. හරි අයිඩියා එකක් ආවෙ නැහැනෙ.”


” ආ..ඕක එච්චර වැඩක් නෙවෙයිනෙ. ඇමරිකාවෙන් අපි ගෙන්නන බඩු වලට ඊටත් වඩා ලොකු බද්දක් ගහන්න රජ තුමෝ. ට්‍රම්පච්චිට කලන්තෙ දායි.”

” අපේ පුරෝහිත බමුණො ඒ යෝජනාවත් ඉදිරිපත් කළා. අපි ජුලි චං නෝනව ගෙනල්ලත් උපදෙස් ගත්තා.හරි ගියේ නෑ. බැරිම තැන මං බලු වැඩ කරන්න එපා කියල ට්‍රම්පච්චිට ලියුමක් යැව්වා.”

” ලියුම ලිව්වෙ මොන භාෂාවෙන්ද”

” අපි ලියුම යැව්වෙ ඉංගිරිසියෙන්ද හිංගලෙන්ද “ රජතුමා විදේශ කටයුතු ඇමතිගෙන් ඇහුවා.

” මටත් ඔය කෙහෙල්මල් ඉංගිරිසි හරියට බැහැනෙ රජතුමෝ. මං ගූගල් ටයිප් කරල ඉංගිරිසියෙන් යැව්වා.” විදෙස් ඇමති තුමා කිව්වා.

” ,හරියන්නෙ නෑ. රජතුමෝ ඔබතුමා තෙලබනුවෙන් කෝල් එකක් අරන් අර මීටින් වල කියනව වගේ දෙකක් කියන්න.”

” මිනිහට මං කියන ඒව තේරෙයිද? ඔය යකා කියන ඒවත් මට තේරෙන්නෙ නැති එකේ.”

“බය වෙන්න දෙයක් නෑ. ට්‍රම්පච්චි මාස දෙකක් කල් ගනීවි සිංහල ඉගෙන ගන්නකල්”

” මිනිහා ඔච්චර ඉක්මනට සිංහල ඉගෙන ගනීවිද අන්දරේ ,”

” අපොයි ඉගෙන ගනීවි. ඔය මෝඩි තුමා දවස් දෙක තුනෙන් සිංහල ඉගෙන ගෙන තිබුනෙ අපූරුවට”
” ඒකත් හැබෑව. උඹේ මොලේ තමයි මොලේ.” රජතුමා ප්‍රීතියෙන් පිනා යමින් රාජ සභාව අවසන් කළා.

——-කොමිටල් සභාවේ අන්ද්‍රේ ——–

Leave a Reply