You are currently viewing අල්ලස් අල්ලන ලොක්කා ගේ සංදර්ශන

අල්ලස් අල්ලන ලොක්කා ගේ සංදර්ශන

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක සිය බලතල හා දේශපාලන හයිය මත ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමලය “සොබා අයිලන්ඩ්” නිවාඩු නිකේතනය මුදල් ගෙවිමකින් තොරව භාවිතා කර ඇති බව වාර්තා වේ.ඒ පොසොන් පොහොය යෙදුණු පසුගිය 9 හා 10 යන දෙදිනය.කොන්ඩය කෙටට කැපූ කාන්තාවක සමග පවුලේ සාමාජිකයින්ද සමග අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එහි රැදී සිටියහ.ආහාර ගැනිම සදහා නිවාඩු නිකේතනයේ අවන්‍හල වෙත පැමිනෙන සෑම විටෙකම ඔහු තොප්පියක් පැලද කිසිවෙකුටත් අඳුනාගැනිමට නොහැකි වන සේ සැරසී සිටි බව අප වාර්තාකරු පවසයි.
සැගවුණු අමුත්තෙකු ලෙස සැරිසැරු ඔහු වත්මන් ආණ්ඩුවේ අධිකරණයට අත පොවන ප්‍රධාන අයෙකු බව අධිකරණ ක්ෂෙත්‍රයේ බොහෝ දෙනාගේ අදහසයි.

රංග දිසානායකගේ උපදෙස් මත මහාධිකරණ විනිසුරුවරුන්ට විවිධ තර්ජන ඉදිරිපත්ව ඇති අතර ඇතැම් විනිසුරුවරුන්ට රාජකාරී පවත්වාගෙන යාමට මොහු විසින් සූක්ෂමව බධා සිදු කරන බවද වාර්තා වේ.කෙසේ වෙතත් මොහුගේ ක්‍රියාකලාපයට එරෙහිව ශ්‍රි ලංකා නීතිඥ සංගමය මේ වන විට අවි අමෝරා තිබේ.

Leave a Reply