You are currently viewing අනුර මල්ලී සහ ජයන්ත අයියා ගේ ආදරය.

අනුර මල්ලී සහ ජයන්ත අයියා ගේ ආදරය.

ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සහ අනුර කුමාර දිසානායක ගේ රජය අතර ඇත්තේ ගහට පොත්ත මෙන් සබැඳියාවකි. ආදරයකි.අනොන්‍ය විශ්වාසයක. ඒ නිසාම මේ දෙපාර්ශවය එකිනෙකා වෙනුවෙන් සෙනහස පෑවේ සහ පෙනී සිටියේ වරක් දෙවරක් නොවේ. ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයේ දී  ජන්ද විමසීමදී ජන්දය මගහැර ගිය අය ගැන කිසිවෙකුටත් අමතක නැත.

“දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම” යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන ආ යෝජනා සම්මතය අනුව  විවාදය 2023 නොවැම්බර් 09 දින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වූ  අතර, ප.ව. 5.30 ට  ජන්ද විමසීම පැවැත්විණි.

‍ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දුෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දුෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් යුතුව පවත්වා ගෙන යාම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද  එකී යෝජනාවලියේ සදහන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොඩනැගී ඇත්තේ පවුල් කිහිපයක් මත පදනම් වී යැයි මෙම විවාදයේ දී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.  එමෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දේශපාලන රැකවරණය හා හයිය මත ක්‍රියාත්මක වන සූදුවක් බවත්, එසේ නොමැති නම් මීට පෙර තීන්දු තීරණ ගන්නට හැකියාව තිබූ  බවත් මෙම විවාදයේ දී  අදහස් දැක්වූ විජිත හේරත් මහතා කීවේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමේ යෝජනාවට අදාළ විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ ඒ අවස්ථාවේ සිටි සියලු දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට එකඟත්වය පළ කිරීම නිසා ඡන්දයක් නොපැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා තීරණය කළේ ය. එහෙත් එම තීරණය ගන්නා අවස්ථාවේදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වූ විජිත හේරත් සහ හරිනි අමරසූරිය පාර්ලිමේන්තු සැසිය මගහැර ගොස් තිබින.

ඔවුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැඳී නොසිටීම නිසා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඒ දිනවල විවිධ අදහස් පළ කර තිබිණි. එය සමාජ මාධ්‍යය තුලද මාතෘකාවක් විය.

11

කෙසේ නමුත් යලිත් වරක් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ බලයට පත් ෂම්මි සිල්වා සහ ධර්මදාස දෙපල පසුගියදා ජනාධිපති  අනුර දිසානායක මුනගැසී ඇත. එහදී ෂම්මි සහ ජයන්ත අය්යා ලෙසින් අනුර දෙදෙනා ආමන්ත්‍රණය කල අතර ඉතා සුහද සාකච්ඡාවෙන් පසු කිසියම් ගැටලුවක් ඇත්නම් නොපැකිලව තමන් අමතන ලෙස අනුර පවසා ඇත.එහිදී ෂම්මි පවසා ඇත්තේ ජයන්ත ධර්මදාසගේ  බැංකු ණයක් සම්බන්ධව ගැටලුවක් ඇති බවය. 

මොකද්ද මේ බැංකු ණය 

දැනට බංකොලොත් ස්වභාවයෙන් පවතින එමෙන්ම බැංකු කිහිපයකට රුපියල් බිලියන 2.3කට ආසන්න ණයක් පවතින නවලෝක සමූහයට ලංකා බැංකුව විසින් AI බලයෙන් ක්‍රියාත්මක MRI යන්ත්‍රයක් මිලදී ගැනීමට මිලියන ගණනක තවත් ණයක් දී ඇති බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වේ.

ඉකුත් කැබිනට් මාධ්‍ය හමුවේදී, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු ඒ සම්බන්ධයෙන් නොදන්නා බවත්, සොයා බලා පිළිතුරක් ලබාදෙන්නට ද පොරොන්දු වී තිබේ.කැබිනට් රැස්වීමෙන් පසුව අමාත්‍යවරයා අදාළ මාධ්‍යවේදියාගෙන් මේ සම්බන්ධ තොරතුරු ලබාගෙන ඇති බවද මේ අතර වාර්තා වේ. ලංකා බැංකුව අදාළ ණය මුදල, ලබාදීමට පෙර නවලෝකයට මසකට ගෙවීමට රුපියල් මිලියන 335ක ණය වාරිකයක් තිබූ බවද පැවසේ.

හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් කෝටි 63කට ආසන්න ණයක් ලබාගෙන අදාළ ණය නොගෙවීම නිසා ඉකුත් වසරේදී එම බැංකුව විසින් කොළඹ ‌02 නව ලෝක රෝහල පිහිටි ඉඩම වෙන්දේසි කිරීම සඳහා ද අධිකරණ තීන්දුවක් ලබාගෙන වෙන්දේසියට නිවේදන ද නිකුත් කර තිබූ අතර පසුව නවලෝකය විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන එය අත්හිටුවා ගත්තේය. මේ වන විට ලංකා බැංකුව, HNB යෙන් ගෙන ඇති කෝටි 63ක ණය මුදල ද පියවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. එම තත්වය තුල නවලෝක සමූහයට තවත් බැංකු ණයක් අනුමත කලේ කලින් රජයේ උවමනාවටද වත්මන් රජය යටතේදැයි ඕනෑම අයෙකුට සොයාගත හැක. කෙසේ නමුත් දිනෙන් දින අභාවයට යන නවලෝකය මිලදී ගැනීමට ධම්මික පෙරේරා,ඉෂාර නානයක්කාර ඇතුලු ප්‍රබල ව්‍යාපාරිකයන් සිව් දෙනෙක් කැමැත්‍ත පලකර ඇතැයි වාර්තා වේ.

අප ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සහ මාලිමා රජයේ ගණුදෙනු ගැන කීවේ වරක් දෙවරක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය නිසාම අප හරීන් ප්‍රනාන්දු , නාමල් රාජපක්ෂ , රොෂාන් රණසිංහ වැන්නවුන්ගේ ක්‍රිඩා ඇමති ධූරන්දර සමයේදී සිදුවූ අකටයුතුකම් ගැන අනන්තවත් ලියා ඇත. සාගල රත්නායක ගේ අනිසි අතපෙවීම් ගැනද අපගේ මතය එසේමය. අනුර දිසානායක රජයද ක්‍රිකට් ගැන විධිමත් මූල්‍ය පරික්ෂාවක් නොකරන බව අප කැටතියා කීවේ ක්‍රිකට් පරිපාලනය කොයිතරම් බලවත්දැයි අප දන්නා නිසාය. මෝදීගේ ජේ ෂා සමග හැප්පෙන්නට අනුරටද ශක්තිය නැති බව අපට දැන් විශ්වාසය. 

ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පත්වීම දෙවැනි වන්නේ ඇමරිකාවේ ජනාධිපති හෝ ඉන්දියාවේ අගමැති තනතුරට පත්වීමට පමනක් බව සහතිකය. තත්වය එසේ නම් අනුර කවරෙක්ද? 

Leave a Reply