කොළඹ රථවාහන අධිකරණයේ සිදුවන අකටයුත්තක් හරහා එහි රෙජිස්ට්‍රාර්වරියගේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 2ක ඉක්මවන බවට පිලිගත හැකි සිදුවීමක් අප වෙත වාර්තා වී තිබේ.
කොළඹ අංක 7 අධිකරණයේ විභාගයට ගැනෙන්නේ රථවාහන වැරදි සම්බන්ධ නඩු පමණි. රථවාහන නඩු යනු පොලිසියේ සිට අධිකරණයේ විවිධ තනතුරු අයගේ අදායම අසීමිතව ඉහල යන නඩු වෙයි. ඒ යටතේ අංක 7 අධිකරණයේ රෙජිස්ටාර්වරියගේ අනු දැනුම මත සිදුවූ මහා පරිමාන වංචාවක් හෙලිදරව් වූයේ පසුගිය අප්‍රියෙල් 29දා පොලිස් හදිසි ඇමතුම් අංශය රථවාහන වරදක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වූ අයෙකුගේ ලියවිලි පරීක්ෂාවත් සමගය. අදාල පුද්ගලයා සන්තකයේ තිබූ ලියවිලි අතර අධිකරණය මගින් අත්හිටවූ රියදුරු බලපත්‍රයක් තිබී ඇත. තවදුරටත් කරුණු විමසීමේදී දැනගන්නට ලැබී ඇත්තේ ඔහු විසින් අංක 7 අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය භාරයේ තිබූ රියදුරු බලපත්‍රය, අනීතික ලෙස මුදල් ගෙවා යලි ලබාගෙන ඇති බවය. අදාල රියදුරු සන්තකයේ පොලීසිය මගින් නිකුත් කල තාවකාලික රියදුරු බලපත්‍රය, අත්හිටවූ බලපත්‍රයට අදාල රිසිට්පතද තිබීම නිසා මෙම වංචාව හෙලිදරව්වී ඇත.
මෙම වරදට හසුවූ පුද්ගලයා හදිසි වැටලීම් අංශය මගින් මරදාන පොලිසියට බාරදී 2025 මැයි 30 දින පැමිනිලි අංක 8/28/196/25 යටතේ මාලිගාකන්ද අධිකරණයට පැමිනිල්ල යොමුකර ඇති අතර චූදිතයා 2025 ජූනි 11 දා දක්වා රක්ෂිත බණ්ධනාගාර කර ඇත. නමුත් අංක 7 අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ බලපෑම් මත මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ඉතා මන්දගාමී බව වාර්තාවේ. ඒ සදහා මාලිගාකන්ද අධිකරණයේ විනිශ්චයකාරවරුන් ද සහය දක්වන බවද වාර්තා වේ.
අවස්ථා ගනනාවකදීම රෙජිස්ට්‍රාර්වරිය සන්තකයේ තිබූ නඩු භාන්ඩ චූදිතයන් අතට පත්වීම සිදුවී ඇති අතර 2024 ජූනි 4 වැනි දිනද මෙලෙසම රියදුරු බලපත්‍ර දෙකක් අතිවිශාල මුදලක් ලබාගෙන අංක 7 අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් බාහිර පාර්ශවයන්ට නිකුත්කර ඇති බවට විස්තර සාක්ෂි සමග Lanka Shadow අපවෙත ලැබී ඇත. අංක එක අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය මේ සියලු සිදුවීම් පිලිබද දැනුවත්වුවද ඒ ගැන කිසිදු පියවරක් නොගන්නේ ඇයටද මූල්‍යමය ප්‍රතිලාභ ඇති නිසා බවද වාර්තා වේ.
මේ විස්තර අධිකරණ කොමිසම , අගවිනිසුරු සහ ගරු අධිකරණ අමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙතද දැනටමත් යොමුකර ඇති අතර නමුත් ඉතා මන්දගාමී ප්‍රතිචාරයක් ලැබීම විමතියට හේතුවී ඇත.