You are currently viewing ජනපතිදුනි පරිස්සමෙන්…

ජනපතිදුනි පරිස්සමෙන්…

දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂි ගබඩාව පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත කෙරුණා. ඒ ගැන  සමාජ මාධ්‍යය වල බොහෝ දේ ලියවුන. ඒ අතරින් බොහෝ දෙනා කතාවුනේ හර්ෂ ද සිල්වා ආරම්භ කල ප්‍රභාෂ්වර නම් ව්‍යාපෘතිය අනුර අතින් වෙනත් නමකින් විවෘතකල බව ගැන විතරයි. තවත් පිරිසක් කතාවුනා එහි විවෘත සමරු ඵලකයේ ඉන්දියාව වෙනුවට භාරතය යන නම සදහන්වීම ගැන. අතිගරු ජනතිපති යනුවෙන් සදහන් වීම නම් ඒ හැටි සලකිවයුතු දෙයක් නෙමේ .

රජයේ නිලධාරීන් මෙසේ ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවයට පත්කරන්නේ හිතාමතාද යන්න ඇත්තටම සොයා බැලිය යුතුයි. 

අප අද පෙන්වන්නෙ ඒ සමරු ඵලකයේ අනුර ජනාධිපතිවරයා ගේ දිසානායක කියන නම ඉංග්‍රීසියෙන් සදහන් කර ඇති ආකාරයය.ජායාරූපය හොදින් බලන්න. ඒ සමග ඇති ජනාධිපතිවරයා නිකුත්කල ගැසට් නිවේදනයක නම සදහන් ආකාරයත් ඔහුගේ නිල සමාජ මාධ්‍යය ගිනුමේ නම සදහන් ආකාරයත් බලන්න. මේවා සොයා බලන්න හැට හුටාමාරක උපදේශකවරු ඉන්නා බව අප දනිමු. ඔවුන් මේ කරන්නේ රජය හිතාමතා අමාරුවේ දැමීමක්ද ?

එක්වරක් මුද්දරයක මුහුනත් තහඩුව අලවා අගමැතිනිය සහ විජිත හේරත් අපහසුතායට පත්කල අතර අධිකරණ ඇමතිවරයා ත්‍යාග ප්‍රධානෝත්සවයකදී තවත් විටෙක අන්‍ත අසරන විය. මෙය තවත් අවස්ථාවකි.

සිංහල භාෂාව පිලිබද විශාරදයකු වූ ජේ.බී දිසානායක සූරින් වරක් ලියුම්කරුද සහභාගී වූ දේශනයකදී කියා සිටියේ කුල බෙදීම් අනුවද සමහරුන් නම් වර නගන බව සහ ලියන බවයි. විශේෂයෙන් ඉංග්‍රීසියේදී උදාහරණයක් සහිතව ඔහු එය පෙන්වීය.

කොමිනියුස්ට්වාදය කෙසේ උවද ජනතා විමුක්ති පෙරමුන තුල ද කුලවාදය නැත්තා නොවේ. සෝමවංශ අමරසිංහ විසින් සිය අනුප්‍රාප්තිකයා ලෙස ස්ථර කීපයක් පහල සිටි අනුර ඩබල් ප්‍රොමෝෂන් දී උඩට ගත්තේ ඔහුගේ සිංහල බොදු ගොවි වාසගම නිසා බව බොහෝ දෙනා දන්නා කරුණකි. පක්ෂ පාට සියල්ලට වඩා අදටත් කුලය ශ්‍රීලංකාවේ ජන්දයට දැඩි බලපෑමක් කරන සාධකයකි.

මෙවැනි තත්වයක් තිබියදී කෙනෙකුගේ නම වෙනස්‍ කර ලිවීමට අවශ්‍යතා ඇත්තේ කාටදැයි සොයාබැලීම වටිනේ. ජනාධිපතිතුමනි ප්‍රවේශමෙන් .ඔබ වටා සිටින්නේ බැටළු හම් පොරවාගත් වෘක්කයන් පිරිසකි.

Leave a Reply