You are currently viewing ගොනා හැරෙන්නේ පොල් පැලයටද ?

ගොනා හැරෙන්නේ පොල් පැලයටද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෙන් යාපයන ප්‍රදේශයේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයක් ඉදිකිරීම සදහා ආධාර දෙන ලෙස කරන ලද ඉල්ලීම මේ වන විට ක්‍රීඩා ලැදි බොහෝ දෙනාගේ කතාබහට පාත්‍ර වී ඇත.ඇතමෙක් සනත් ට ස්තුති කරති.තවකෙක් රටක ජනාධිපතිවරයා , අගමැති හෝ ක්‍රිඩා ඇමතිගේ බලතල ඉක්මවාගොස් සනත් මෙසේ විදේශ රාජ්‍යය නායකයෙකුගෙන් සෘජුව ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කිරීම රාජත්‍රාන්ත්‍රිකව නුසුදුසු බව කියයි.

කෙසේ නමුත් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය යනු අදටත් හොර ගුහාවකි.දූෂිතයන් පිරුණු තැනකි. සනත් ජයසූරිය ගේ ජීවිතය පුරාම ඇත්තේ කාන්තාවන්ට සහ මුදලට කෑදරව සිදුකල කුප්‍රකට ගනුදෙනු සහ සබදතාවන් පමනක්ය.  සනත් ගේ පෙම්වතියක් වරෙක ලියම්කරු සමග පැවසූ පරිදි ඔහු මුදල් වෙනුවෙන් අසූචි වලක උවද ලැගීමට සූදානම් අයෙකි.

යාපනයේ ක්‍රිඩාංගනය මොකටද ?

ශ්‍රීලංකාවට තව දුරටත් ජාත්‍යන්තර ක්‍රිඩාංගනයක් අවශ්‍ය නැති බව ක්‍රිකට් ක්‍රීඩාව පිලිබද ලබැදියාවක් ඇති බොහෝ දෙනා පවසත. අති විශාල මුදල් කන්දරාවක් වියදම් කල සූරියවැව ක්‍රිඩාංගනය පාළුවට ගොසිනි. දඹුල්ලේ තරග පැවැත්වෙන්නේ අවාරයට පොල් වැටෙන්නා මෙනි. එස් එස් සී ක්‍රිඩාංගනයේ ජාත්‍යන්තර තරගයක් පැවැත්වූ කාලයක් මතක නැත. එහෙම තත්‍වයක් තිබියදී මාතර මුලින් ජාත්‍යන්තර ක්‍රිඩාංගනයක් බවද ඉන්පසු පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා අටමගලයක් ඇටවීමට ශ්‍රිලංකා ක්‍රිකට් සූදානම් වේ.එය පසුපස සිටින්නේද සනත් ජයසූරියයි. මාතරට තබා ජීවත්ව සිටියදී තම මාතර පදිංචිව සිටි දෙමාපියන්ට නොසැලකූ සනත් හදිසියේ මාතර ගැන ආදරයක් හටගෙන ඇත්තේ ක්‍රිකට් ඉදිකිරීම් හරහා යටි මඩි ගසාගත් අති විශාල මුදල් කන්දරාව නිසාය.

පළමු පෙල තරගයක් පැවැත්වීමට හැකි ටර්ෆ් විකට් සහිත ක්‍රිඩාංගන දෙකක් යාපනය මහ මඩකලපුව ප්‍රදේශවල ඉදිකාලානම් හොදටම ප්‍රමාණවත් බව ක්‍රිකට් දන්නා, යාපනය ක්‍රිකට් සමග ඉන්නා ප්‍රවීණයන් දන්නා කරුණකි. අනෙක් අතින් සනත් ට යාපනය ගැන තිබෙන්නේ කුමන හැගීමක්ද? මෝදි අග්‍රමාත්‍යවරයා ඉදිරියේ ජාතිකත්වය සහ ආදරය ගෞරවය පෙරදැරිකරගෙන යාපනයේ දරුවන් ගැන කතා කරපු ක්‍රිකට් වීරයා අවසන්‍වරට ක්‍රිකට් අවශ්‍යතාවයක් වෙනුවෙන් යාපනයේ සංචාරය කලේ කවදාදැයි අප ප්‍රශ්න කරමු .

මීට කලකට ඉහතදී මහින්ද රාජපක්ෂ පාලනය අවධියේ ලයිකා හිමිකරු අල්ලි සුබාෂ්කරන් සමග පෞද්ගලික හෙලිකොප්ටරක නැගී ඉඩම් සහ ආයෝජන අවස්ථා සොයා සනත් යාපනයේ ගිය බව නම් අපි දනිමු.  පෙර කීවක් මෙන් සනත් යනු මුදල් මතම තීරන ගන්නෙකි. හරීන් පීරිස් ක්‍රිඩා සහ සංචාරක ඇමති කාලයේ සංචාරක සන්නාම කළමනාකරුවෙකු ලෙස පත්කර රට බංකොලොත් අවස්ථාවේ මහජන මුදලින් රට රටවල සංචාරය කල අයෙකි. ශ්‍රීලංකාවේ ක්‍රිකට් විනාශකල අවධියේ එකට අත්වැල් බැදගෙන සිටි චෞර කල්ලිය ගැන මෙහි සටහන් කිරීම වටී.

හරීන් ප්‍රනාන්දු,මනූෂ නානයක්කාර, මහාචාරය අර්ජුන ද සිල්වා, උපුල් තරංග, තරංග පරනවිතාන ,පර්වීස් මහරුෆ් වැනි කල්ලියක් සදාගෙන තේරීම් කමිටුව, විස්තර විචාර කමිටුව වැනි තැන් වලින් ක්‍රිකට් සදහා කරන ලද විනාශය ගැන පිටු ගනන් ලිවිය හැක. සනත් ඇතුළු කල්ලියේ සියලු වැඩ සදහා ප්‍රසිද්ධ ලබාදීමටද තවත් පිරිසක් රැස්ව සිටී. අසාම් අමීන් සහ ලහිරු මුදලිගේ එහි ප්‍රමුඛත්වය ගනී. ඒ ගැන වෙනම ලිපියකින් විග්‍රහකිරීම වටී.

කෙසේ නමුත් ශ්‍රීලංකා ක්‍රිකට් ෂම්මි ගේ බූදලයක් නොවූවද අනුර දිසානායකගේ රජයටද ෂම්මිගේ රස වැටී ඇත.ක්‍රිඩා ඇමති සුනිල් හදුන්නෙත්‍ති හරහා ඔවුන් රජය හසුරුවමින් සිටී.සනත් එහි අතරමැදියෙකි. යහමින් මුදල් සහ කාන්තා ඇසුර පවතින්නේද සනත් ජයසූරිය යනු එහි මුල්තැන ගන්නා චෞරයෙකි. 96 ලෝක කුසලාන ජයග්‍රහණය බිල්ලට දෙමින් සනත් එම ජනප්‍රියතාවය ගණිකා වෘත්තියේ යොදවමින් සිටී. 

දේශ හිතෛෂීයෙකු ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියට SUV ප්‍රාඩෝ රථයක් කුලියට ලබාගැනීම සදහා මසකට රුපියල් ලක්ෂ 6ක් ද අමතර අමතර කිලෝමීටරයකට රු. 290ක් ක් වියදම් කර සුපර් සෙවන් රෙන්ට් අ කාර් වෙතින් වාහනයක් ලබාගෙන අවසන්ය.

සනත් මේ පෙන්වන්නේ රටට ආදරේ සෙයියාවෙන්‍ ඇති මුදලට ඇති අසීමිත කෑදරකමයි.

Leave a Reply