තමන් ඖෂධ මාෆියායේ “ගෝඩ් ෆාදර්” බවට තමන් විසින්ම හදුන්වා දෙන ‘රණවක’ නැමැත්තෙකු කොළඹ මහනගර සභාවේ මාලිමාවේ බලය පිහිටවීමට අතයට ගණුදෙනු කීපයක් මෙහෙයවා ඇතැයි වාර්තාවේ.
ඖෂධ සමාගම්වලට කුප්‍රකට ඩීල් රැසකට සම්බන්ධ මෙම පුද්ගලයා රාජිත සේනාරත්න , කෙහෙලිය රඹුක්වැල්ල යන හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් සමගද සමීපව කටයුතු කල අයෙකි.
කොළඹ මහ නගර සභවේ බලය මාලිමාවට ලබා දිම සදහා තිරය පිටුපස වැඩකොටසක් ඔහු සිදුකර තිබේ.
ඔහු විසින් , විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් පත්වූ සභිකයින් කිහිපදෙනකු පැලවත්තට රැගෙන ගොස් ඇති අතර මාලිමාවෙන් දේශපාලන ඩීල් සදහා අවස්ථාවක් විවර කර ගැනීම ඔහුගේ ප්‍රධාන ඉලක්කය වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානතම සගයා වන සාගල රත්නායක ගේ මිත්‍ර ව්‍යාපාරික සගයෙක්ද මෙම මහනගර සභා සභිකයන් බිලි බෑමට හවුල් වී තිබේ.
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාස්පෝට් ටෙන්ඩරයකට ඉදිරිපත්ව සිටින මෙම ව්‍යාපාරිකයාට එය ලබාදීමේ පොරොන්දුව මත සභිකයින් බිලි බා ඇත්තේ ඉහත කී රණවක විසිනි. “බිරිඳගෙන් ගුටි කන්නා” ලෙස ප්‍රසිද්ධ නියෝජ්‍ය ඇමැතිවරයෙකු සමග රණවක සමග එක්ව මෙම මෙහෙයුම සිදුකලද ,
ව්‍රායි පුරපතිනිය කල මෙහෙයුම ජයගත් රාත්‍රියේ මත්පැන් පානය කල රණවක සියළු රහස් මිතුරන් හමුවේ හෙලිකර ඇත.
මෙම තොරතුරු ඖෂධ සමාගම් ක්ෂ්ත්‍රයේ ලැවිගින්නක් මෙන් පැතිර ඇති අතර සෞඛ්‍ය වෘත්තිය සමිති වලටද මේ බව වාර්තා වී ඇත.
මාලිමා ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සවද සිය අතට ගැනීමට මෙම රණවක නැමැත්‍තා උත්සාහ ගන්නා නමුත් , නලින්දට මොහුගේ දුරකථන ඇමැතුම් පවා අරහං වි ඇත්තේද මොහුගේ ඉතිහාසය පුරා ඇති පවාදිමේ ලක්ෂණය නිසාය.