සුමති ධර්මවර්ධන යනු ශ්‍රී ලංකාවෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ අතිරේක සොලිසිටර් ජනරාල් ය. මීට මාස කීපයකට පෙර ඔහු ලෝක ක්‍රිකට් කවුන්සිලයේ [ICC] දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කෙරින. සුමති ධර්මවර්ධන මේ තනතුරට පත්කෙරුනේ සම්භාවනීය පුද්ගලයෙකු වූ සර් රොනී ෆෙලෙන්ගන් පසුගිය වසරේ සැප්තැම්බරයේ විශ්‍රාම යාමෙන් අනතුරුවය.
නමුත් Lanka Shadow වෙත ආරංචිවන පරිදි ඔහු තවමත් ශ්‍රිලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ රැකියාවේ නියුතව සිටී.එමෙන්ම ඔහු තවදුරටත් ආයතන දෙකකින් වැටුප් ලබාගනීනමුත් අවාසනාව යනු ඔහු නීතිපති දොපාර්තමේන්තුවේ ගන්නා වැටුප වෙනුවෙන් දශමයක දායකත්වයක් නොදැක්වීමයි.ඉද හිට නඩුවකට පෙනී සිටීම හැරුනුවිට ඔහු වැඩි හරියක් සේවය කරන්නේ ICC යටය.
ICC යේ කලින් සේවය කල ඇලෙක්ස් මාෂල් ඉද හිට ශ්‍රීලංකාවට පැමිනි අතර අපේ බෝඩ් එකේ අනුග්‍රහයෙන් කීප සැරයක් ඇවිත් සුඛෝපභෝගි හෝටල්වල නැවතී රාජකාරී කළේය . ශ්‍රි ලංකාවේ සැක සහිත මැච් විකුණන්නන් 17 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඔහු වරක් ලංකාවට එව්වද හරින් ප්‍රනාන්දු රොෂාන් රණසිංහ යන ක්‍රීඩා ඇමතිවරුන් එය අමතක කර දැම්මේය.ඊටත් කලින් නාමල් රාජපක්ෂත් නොදන්නවා මෙන් සිටියේය.
තවමත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා ඇමතිවරයාගේ ලිපි ගොනු වලට යට වී ඇති නිසාවෙන්ද සුනිල් ගමගේ ජවිපෙ ඇමතිවරයත් තාම ඒ ලැයිස්තුව දැක නොමැති හැඩකි.ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු පතෝල කරලක් නිසා දූෂණ චෝදනා දැක්කත් නොදැක්ක වගෙ ඉන්නවා විය හැක.
නැතිනම් ඔහුගේ ජනාධිපතිවරයා ගේ ලිපි ගොනු 400 තාම කැබ් එකේ තියන් ඉන්නවා සේ මේ ලිපි ගොනුත් කොහේ හෝ දමා තිබෙන්නට පුලුවන.
දැන් ධර්මවර්ධන මහත්තයත් ලංකාවෙ ක්‍රිකට් දූෂණ දැක්කත් අහක බලන් ඉන්නෙ එයාගෙ නෝනට බය නිසා බවයි අපට ආරංචිය . ඒ මහත්මයාගේ නෝනා
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙ සිකුයුරිටි බාරව ඉන්න නිසා ඒ නෝනාට බෝඩ් එකෙන් ලැබෙන මුදල් කුට්ටිය අහිමිවේයැයි ඇති බය නිසා ධර්මවර්ධන මහත්මයාගේ කට වසා ඇති බව අපට ආරංචිය .මේ හින්දම ධර්මවර්ධන මහත්තය ටොරින්ටන් පැත්ත ඇහැ ඇරලවත් බලන්නෙ නැත.
ඔහු ICC පැත්ත පලාතෙවත් නොයන්නේ ජේ ෂාට ඇති බිය නිසා බවද ආරංචිය.අනෙක් අතට ධර්මවර්ධන මහත්මාව නිර්දේශකල ෂම්මි සිල්වාට විරුද්ධව කිසිදු කියාවක් ඔහු නොකරන බවට විශ්වාසය.කොහොම වුණත් ධර්මවර්ධන මහත්තයා ඉන්න කල් ඉන්දියාවෙවත් ලංකාවෙවත් කිසිම දූෂණයක් මැච් විකිණිල්ලක් වෙන්නෙ නැති බවට අයිසීසියටත් විශ්වාස ඇති.
ඇස් කන් පියාගෙන නිකම් ඉන්නවටත් ඩොලර් හා රුපියල් වලින් පඩි ගන්න රස්සා හොයා ගන්නත් හැමෝටම බැහැ. ඒ අතින් ධර්මවර්ධන මහත්තයා සුපිරි වැඩ්ඩෙකි .ඒ ඔහොම කන්ෆ්ලිට් ඔෆ් ඉන්ටරෙස්ට් වගේම ඩබල් ගේම් වැඩ හැමෝටම කරන්න බැරි නිසාය.