You are currently viewing අනුරව පාර රාජ්‍යයයේ සිර කරන්නේ කවුරුන්ද ? 

අනුරව පාර රාජ්‍යයයේ සිර කරන්නේ කවුරුන්ද ? 

ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ ශ්‍රීලංකා සංචාරය සැහැල්ලුවෙන් සැලකිවයුතු එකක් නොවේ. එය දෙරටටම අතිශයින් වැදගත් තීරනාත්මක එකකි. එය ලෝක බලවතුන් බලාසිටි ලෝක මාධ්‍යය ඇස් විවරකරගෙන සිටි සංචාරයකි. අප දැනගත් පරිදි ඉන්දියාවෙන් පමනක් පැමිණි මාධ්‍යය කණ්ඩායම 50 ක් පමණය. ශ්‍රීලංකාවට ගොඩ බට මොහොතේ පටන් ඒ මාධ්‍යයවේදීන් කලේ සිය රටේ අග්‍රාමාත්‍යවරයා පැමිණි මේ සුවිශේෂී සංචාරය ගැන පමනක් නොව කලාපයට , ලෝකයට කියන්නට ඇති බොහෝ කතාවල මුල් ඇදුණු තැන් සොයා යාමය.

මේ ගැන විපක්ෂය කියන්නේ මොනවාද , දමිල පක්ෂ කුමන මතයක සිටිනවාද, චීන සහ ඇමරිකානු  තානාපති අංශවල ප්‍රතිචාර මොනවාද , ශ්‍රීලංකාවේ වෘත්තීය සමිතිවල ප්‍රතිචාර මොනවාද වැනි බොහෝ ප්‍රශ්න එම ඉන්දීය මාධ්‍යයවේදීන්ට තිබිනි. ඔවුන් ඒවා හබා ගියහ. සියළු සබදතා පාවිච්චි කර තමන්ට අවශ්‍ය ප්‍රවෘත්තිය සොරා ගත්හ.  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය  පැයෙන් පැය ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා තොරතුරු සම්පාදනය කලහ. එම සංචාරය එතරම්ම වැදගත් එකක් වූයේ එබැවිනි.

ශ්‍රිලංකාවේ අලුතින් පත්වූ රජයට මෙය තම රටේ ප්‍රතිපත්ති ලොවට කියන්නට කදිම අවස්ථාවක් විය. රටේ පලමුවරට පත්වූ වාමාංශික රජයට ලෝකයට කියන්නට බොහෝ දේ තිබිය යුතුය. තම රටේ විදේශ ප්‍රතිපත්තිය, මාධ්‍යය නිදහස, මානව හිමිකම් ගැන, ආර්ථික වැඩ පිලිවෙල, ක්‍රිකට් ක්‍රීඩාව ගැන සියයක් වූ වටිනා ප්‍රවෘත්ති ඒ අතර තිබුනා විය හැක.

අවාසනාවකට ශ්‍රීලංකාවේ රජය ඒ කිසිදු අවස්ථාවක් ප්‍රයෝජනයට ගත්තේ නැත. ශ්‍රීලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනාධිපති මාධ්‍යය අංශය හෝ අග්‍රාමාත්‍ය මාධ්‍යය අංශය සිදුකලේ අතිශයින් දියාරු කර්තව්‍යයකි. සංචාරයේ සමහර ආවරන තවමත් උක්ත මාධ්‍යය තුලින් බෙදාහැර නොමැත. 

ජනාධිපතිවරයාගේ මාධ්‍යය උපදේශක චන්දන සූරියබණ්ඩාර තවමත් වැඩකරන්නේ සිරස දැයි සිතෙන තරමට සිරස ජනාධිපතිවරයාගේ මාධ්‍යය සිරසට ගෙන ඇත. ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් (ප්‍රසන්න සිල්වා) හෝ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක්(එච්.එස්.කේ.ජේ.බණ්ඩාර) සිටිනවාදැයි අප දුටුවේ නැත. ප්‍රවෘත්ති යනු දිනය අවසානයේ නිවේදනය නිකුත්කිරීම යැයි ඔවුන් සිතනවා විය හැක.ජනාධිපති මාධ්‍යය අංශයට නව රජය යටතේ ජාත්‍යන්තර මාධ්‍යය සහ උපාය මාර්ගික සංනිවේදන අධ්‍යක්ෂ ලෙස නව තනතුරක් ස්ථාපිත කෙරින. එයට පත්කෙරුනේ කෘතහස්ත ජායාරූප ශිල්පියෙක් වන අනුරුද්ධ ලොකුහපුආරච්චිවය. තනතුර අනුව නම් දැනෙන්නේ විදේශ මාධ්‍යය සම්බන්ධීකරණ  සහ ලෝකයේ මාධ්‍යය සමග සන්නිවේදනය ඔහුගේ වගකීමක් බවය. නමුත් අපට දැක ගැනුමට තිබුනේ පැයෙන් පැයට සිය සමාජ මාධ්‍යය ඔස්සේ පිංතුර අප්ලෝඩ් කරන අධක්ෂකවරයෙකි. 

අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රංශ සංචාරයෙන් පසු “බිම්ස්ටෙක්”සමුළුවට පැමිනෙන අවස්ථාවේ තායිලන්ත මාධ්‍යයවලින් ප්‍රචාරය වූ දර්ශන සමාජයේ දැඩි කතිකාවතක් ඇතිකලේය. එය පරයමින් සංචාරයේදී අගමැතිනිය සිදුකල ඉතා වැදගත් කතාව මතු කිරමට අගමැතිතුමියගේ මාධ්‍යය අධ්‍යක්ෂ විජිතා ශ්‍රී බවන් කිසිසේත් සමත්කමක් දැක්වූයේ නැත. මේ මොහොතේ අග්‍රාමාත්‍යවරියගේ නිල සමාජ මාධ්‍යය පරිශිලනය කලහොත් එය කොතරම්‍ ප්‍රාථමික දැයි ඔබට නිශ්චය කල හැක . ඇය තවමත් රාජකාරී කරන්නේ ශ්‍රී රංගාටද ? එසේම නැත්නම් හිටපු ඇමති රොෂාන් රණසිංහටදැයි සැකයක් ඇතිවන තරමට ඇගේ රාජකාරිය දියාරුව ගොස් ඇත.

මේ සියල්ල මධ්‍යයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ සිට පැමිණි මාධ්‍යය කණ්ඩායම් 7කට සම්මුබ සාකච්ඡා ලබාදී ඇත. මෝදි අනුර හැරුණුවිට සමාජ මාධ්‍යය සහ ඉන්දීය මාධ්‍යය තුල තීරනාත්මක අදහස් දක්වන්නා වූයේ රනිල් වික්‍රමසිංහය. ප්‍රවෘත්ති ඔබ සොයා ඒමට කලින් ඔබ ප්‍රවෘත්ති සොයා යා යුතු බව රජයේ බලධාරීන් තේරුම්ගන්නා විට පෙරහැර ගොස් හමාරවිය හැක.

ජාතික ජන බලවේගය රජය තවදුරටත් පාර රාජ්‍යයක් (Deep State ) එකක් ගැන කියමින් මාතෘකා මගහරිමින් සිටී. ඇත්තටම මෙය ඔවුන්ගේ නොහැකියාව නැත්නම් වෙන කුමක්ද? 

Leave a Reply